77 First Class Cricketers gets SLC Domestic Player Contracts

Media Release

 21st February, 2019

Sri Lanka Cricket Wednesday (20th February, 2019) provided 77 First Class Cricketers with annual domestic player contracts. The ‘Players’ were selected for contracts based on the performances shown during the Major Club Tournament of 2017/18 season.

26 first class players who performed at the highest level during the concluded domestic season; 22 players under the ‘Emerging Category; ‘ 06 former national players and 12 national players, who have represented Sri Lanka in the recent past, but not considered for main contracts, are among the players selected to be given new contracts for the year 2018/2019 season.

The Selection of players to hand over contracts, which totals to a collective annual sum of Rs. 65 million was based on the following criteria.

Contracted Players pose for a Photograph with Honorable Minister of Sports and SLC officials

Players who scored 750 runs or more at an 50 plus average or captured 45 wickets, All-Rounders who scored 450 runs and captured 25 wickets, Wicket Keepers; who scored 450 runs and contributed for a minimum of 25 dismissals and fast bowlers who captured 20 or more wickets are among the players; considered for annual contracts from the Tier ‘A’ category.

Meanwhile, Players who played in the Tier B Category and scored 650 runs at a 50 plus average or took 40 wickets or All-Rounders who scored 450 runs and grabbed 25 wickets; wicket keepers who scored 450 and contributed for 20 dismissals’ and fast bowlers who captured 20 or more wickets are among the players considered for annual contracts.

Under the Emerging Player Category, Players between the age of 23 and 29 and have represented Sri Lanka, Sri Lanka A and the Development team during the last 3 year period also received domestic contracts.

Past National Players, above the age of 30 years and who continues to play domestic cricket were also handed over contracts.  11 Youth Players, who represented Sri Lanka in the previous Under 19 World Cup are also among the players given with contracts.

Sachitra Serasinghe, who was adjudged as the Player of the Major League Tournament of 2017 / 2018 was awarded with a car worth Rs. 2.3 million.

Apart from the SLC contracts, all these players are entitled to normal financial assistance given by their respective clubs. In the meantime; SLC also provided the contracted players with a Rs. 2.5 million worth personal accidental insurance cover and a Rs. 300,000 hospitalization insurance cover.

Ends.

මාධ්‍ය නිවේදනය

2019.02.21

ක්‍රිකට් ක්‍රීඩකයන් 77 ක ට කොන්ත්‍රාත් ගිවිසුම් ලබාදෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් හැත්ත හත් දෙනෙකුට (77) කොන්ත්‍රාත්තු ගිවිසුම් පිරිනැමීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20 වැනිදා) ක්‍රීඩා අමාත්‍යාංශයේ “ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී” සිදු කෙරිණි.

මෙම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කරන ලද මුදල රුපියල් මිලියන 65කි.  (රුපියල් මිලියන හැට පහකි).  ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ 2017 සහ 2018 ක්‍රිකට් වාරයට සහභාගි වූ අන්තර් සමාජ තරගාවලියන්හි දී දස්කම් දැක්වු ක්‍රීඩකයන්ගෙනි.

කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් තැබීමට ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ පහත අන්දමටය :

  1. ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් විසි හයක් (26) .
  2. නැගී එන (Emerging) ක්‍රීඩකයන් විසි දෙකක් (22)
  3. ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන් හයක් (06)
  4. ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවට අයත් නොවන මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයන් දෙළහක් (12)
  1. පසුගිය 19 පහළ ලෝක කුසලානයට තරග කළ නවක තරුණ ක්‍රීඩකයන් (11) ක් ද මීට ඇතුළත්ය.

ගිවිසුම් සහා ක්‍රීඩකයන් 77 තෝරාගෙන ඇත්තේ පහත සුදුසුකම් මතය :

  • දේශීය ක්‍රිකට් ‘ඒ’ කොටසේ තරගාවලියේ (Tier “A”) දී පිතිකරුවකු ලකුණු 750ක් රැස් කිරීම හෝ ලකුණු 50 කට වැඩි සාමාන්‍යයක් ඇති හෝ පන්දු යවන්නකු කඩුලු 45ක් ලබාගැනීම, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලකුණු 450ක් හා කඩුලු 25ක් ලබාගැනීම, කඩුලු රකින්නකු ලකුණු 450ක් රැස්කිරීම හා කඩුලු 25ක් දවාලීමට දායක වීම.
  • දේශීය ක්‍රිකට් ‘බී’(Tier “B”) කොටසේ තරගාවලියේ දී පිතිකරුවකු ලකුණු 650 ක් හෝ ලකුණු 50 කට වැඩි සාමාන්‍යයක් ඇති හෝ පන්දු යවන්නෙකු කඩුලු 40ක් දවාලීම, තුන් ඉරියව් ක්‍රීඩකයකු ලකුණු 450ක් ලබා ගැනීම හා කඩුලු 25ක් දවාලීම, කඩුලු රකින්නකු ලකුනු 450ක් රැස් කිරීම හා කඩුලු 20ක් දවාලීමට දායක වීම.
  • වයස 23 ත් 29 ත් අතර නැගී එන (Emerging) ක්‍රීඩකයෙකු වීමත්,පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හෝ සංවර්ධන කණ්ඩායම නියෝජනය කර තිබීම.
  • වයස තිහට (30) වැඩි තවමත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නියෙලන හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් වීම.

එමෙන්ම ,ප්‍රමුඛ පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ වීරයා වූ සචිත්‍ර සේරසිංහ හට 2017/2018 වර්ෂයේ දක්ෂතම ක්‍රීඩකයා හට පිරිනැමෙන රුපියල් මිලියන 2.3 (Rs.2.3 Million) ක වටිනා කමින් යුත් මෝටර් රථය ප්‍රධානය කරනු ලැබීය.

මෙයට අමතරව අද දින කොන්ත්‍රාත් ලබා ගත් සියළු  ක්‍රීඩකයන් හට රුපියල් මිලියන 2.5ක                    (Rs.2.5 Million) හදිසි අනතුරු රක්ෂණ ආවරණයක් ද,රුපියල්  ලක්ෂය තුනක (300,000) රෝහල් රක්ෂණ ආවරණයක් ද, පිරිනැමේ.  ක්‍රීඩකයන්හට මෙම පහසුකම් ලබා දෙන්නේ ඔවුනගේ ක්‍රීඩා සමාජ මගින් පිරිනමන දීමනාවන්ට අමතරවය.

  මාධ්‍ය ඒකකය

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

cheap nike free run 5.0