An ICC Global Level 3 Coaching Course is currently underway in Sri Lanka

Media Release

06th December, 2018

The International Cricket Council is currently conducting the ICC Global Level 3 Coaching Course in Sri Lanka.

24 participants are taking part in this course, while 19 of them are former national players. Ex-national players are Rangana Herath, Dhammika Prasad, Chamara Silva; Ajantha Mendis; Ravindra Pushpakumara, Chamila Gamage, Darshana Gamage, Jehan Mubarak; Gayan Wijekoon; Sajeewa De Silva; Sajeewa Weerakoon; Niroshan Bandaratilleke; Saman Jayantha; Muthumudalige Pushpakumara; Sachith Pathirana; Thilina Kandamby; Malinda Warnapura and Indika De Seram

The 06-day course, which commenced on the 06th December, 2018 is organized by the Coach Education Unit of Sri Lanka Cricket and is conducted at the NCC premises.

Participants at ICC Coach Educators and officials of the Coach Education Unit posing for a photograph Participants at ICC Coach Educators and officials of the Coach Education Unit posing for a photograph

ICC Coach Educators Mr. Ziyaad Parker, Mr. Ashley Ross and Mr. Roland Lefebvre are the conductors of the course; whilst Mr. Heshan De Mel, Head of Coach Education Unit of the SLC and Mr. Tharaka Samaratunga; Coach Educator of the SLC is facilitating the ICC towards conducting this program. This is the first time, SLC is conducting a Level 3 Coaching Course in Sri Lanka.

We are striving hard to build up a good coach base by introducing new programs into our coach education system, which will help us in developing talented coaches to unearth fresh talents from grassroots;” said Mr. Asanka Gurusinha, Chief Cricket Operations Officer of SLC; who is heading the High Performance Center.

SLC recently conducted a Level 2 coaching program; as well.

 

මාධ්‍ය නිවේදනය

2018.12.06

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් පුහුණුකරුවන් සහා තුන්වන අදියරේ (Level 3) පුහුණුකරණ පාඨමාලාවක්  ශ්‍රී ලංකාවේදී පවත්වයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද දින ශ්‍රී ලංකාවේදී තුන්වන අදියරේ (Level 3) පුහුණුකරණ පාඨමාලාවක් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන දින 6ක් පුරා පවත්වනු ලැබේ.

මෙම වැඩසටහනට පුහුණුකරුවන් 24 දෙනෙකු සහභාගී වන අතර ඉන් 19 ක්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන් වේ.රංගන හේරත්,ධම්මික ප්‍රසාද්,චාමර සිල්වා,අජන්ත මෙන්ඩිස්,රවින්ද්‍ර පුෂ්පකුමාරා,චමිල ගමගේ,දර්ශණ ගමගේ,ජෙහාන් මුබාරක්,ගයාන් විජේකෝන්,සජීව ද සිල්වා,සජීව වීරකෝන්,නිරෝෂන් බණ්ඩාරතිලක,සමන් ජයන්ත,මුතුමුදලිගේ පුෂ්පකුමාර,සචිත් පතිරණ,තිළිණ කණ්ඩම්බි,මලින්ත වර්ණපුර,සහ ඉන්දික ද සේරම් යන මහත්වරුන් ඒ අතර වේ.

මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුහුණුකරුවන් වන සියාඩ් පාකර්,ඈෂ්ලි රෝස්,සහ රෝලන්ඩ් ලෙෆ්බ්‍රේ යන මහත්වරුන් විසිනි.එමෙන්ම  වැඩසටහන මෙහෙය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු ඒකකයේ හේෂාන් ද මෙල් මහතා සහ පුහුණුකරුවන්ගේ අධ්‍යාපන ඒකකයේ පුහුණුකරු තාරක සමරතුංග මහතා ද දායකත්වය ලබාදේ.

මේ පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී  වන අසංක ගුරුසිංහ මහතා පවසා සිටියේ “මෙවැනි වැඩසටහන් තුලින් අපේක්ෂා කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවන්ගේ සංචිතයේ ගුණාත්මකභාවය තව දුරටත් ඉහල නංවා ගැනීමට බවයි.”

මෙම වැඩසටහන දින 6 පුරාම පවත්වනු ලබන්නේ එන්.සී.සී (NCC) ක්‍රීඩා පරිශ්‍රයේදීය .

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය