Match Fixing inquiry against Panadura CC and Kalutara PCC

The Committee of Inquiry has found that two teams (Panadura CC & Kalutara PCC) have been found guilty of misconduct and not playing to the Spirit of the game, and NOT of match fixing.

Therefore Executive Committee of SLC at an ExCo meeting that ended at 8 pm today, has unanimously decided to

1.) Declare the match and result void and adjust the Points table for 2016/17 accordingly.

2.) To recover Match fees for the match from both Clubs and impose a fine of Rs. 500,000/- on each club.

3.) To Suspend the two Captains – Manoj Deshapriya and Chamara Silva from all Cricket related activities (including playing, coaching and administration) for 2 years with immediate effect.

4.) To Suspend all other players and Coaches from all Cricket related activities (including playing, coaching and administration) for a period of 1 year with immediate effect.

5.) To conduct an inquiry against the Match Officiàls and take appropriate action.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර කාය වර්ධන කවයට එරෙහිව තරඟ පාවාදීමේ චෝදනාවන් විමර්ශන කිරීම සඳහා පත් කරනු ලැබූ පරීක්ෂණ කමිටුව විසින් එකී පානදුර CC  සහ කළුතර PCC යන ක්‍රීඩා සමාජ දෙකම විෂමාචාරය සහ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැණිව කටයුතු කර ඇති බවට තීරණය කරමින් ඔවුන් වැරදි කරුවන් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව මෙසේ තීරණය කර තිබේ.

1.    චෝදනාවට තුඩු දුන් එකී තරඟය සහ එහි ප්‍රතිඵල බල ශුන්‍ය කිරීමට සහ තරගාවලියේ ලකුණු වගුව ඒ අනුව නියමිත පරිදි වෙනස් කිරීමට.

2.    එකී ක්‍රීඩා සමාජවලින් තරඟ ගාස්තුව අය කර ගැනීමට සහ රුපියල් 500,000/- බැගින් දඩ නියම කිරීමට.

3.    ක්‍රීඩා සමාජ දෙකෙහි නායකයින් වශයෙන් ක්‍රියා කල මනෝජ් දේශප්‍රිය සහ චාමර සිල්වා යන අය හට වසර 2 ක කාලයක් සඳහා සියළුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීම (ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව).

4.    අනෙකුත් චූදිත සියලු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් හට වසර 1 ක කාලයක් සඳහා සියළුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීම (ක්‍රීඩාව, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව)

5.    තරඟ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම