Sri Lanka Cricket Awards Domestic Cricket Contracts for 104 Players

Media Release

14th February, 2018

Sri Lanka Cricket today handed over annual domestic contracts for 104 players, a move to encourage talented cricketers to continue playing the game thus ensuring that the domestic cricketing structure remains strong.

Accordingly, players who took part in the Major Tournament 2016/2017 and the Under 19 players, who represented Sri Lanka in the concluded Asia Cup and the World Cup were handed over contracts, during a special ceremony, held at the Duncan White Auditorium of the Ministry of Sports, with the Minister of Sports Honorable Dayasiri Jayasekera, taking part as the Chief Guest, while Honorable Thilanga Sumathipala, President of SLC was present during the occasion.

20 first class players who performed at the highest level during the concluded domestic season, 23 emerging category players, 29 players from the under 19 age group category, 15 former national players and 17 national players, who have represented Sri Lanka in the recent past, but not considered for main contracts are among the players, who received domestic contracts for the year 2017/2018 season.

The selection of players to hand over contracts, which totals to a collective sum of Rs. 85 million was based on the following criteria.

Players, who scored 750 runs or captured 45 wickets, All-Rounders who scored 350 runs and captured 35 wickets, Wicket Keepers, who scored 400 runs and contributed for a minimum of 20 dismissals by playing in the Domestic Tier A matches were considered for annual contracts.

Meanwhile, players, who played in the Tier B Category and scored 600 runs or took 40 wickets, or All-Rounders who scored 350 runs and grabbed 35 wickets and Wicket Keepers, who scored 400 runs and contributed for 20 dismissals were also considered for annual contracts.

Under the Emerging Player Category, players between the age of 23 and 29 and represented Sri Lanka, Sri Lanka A and Development team during the last 3 year period received domestic contracts.

Under 19 players, who represented Sri Lanka in the concluded Asia Cup and the World Cup are also given contracts.

Past national players, above the age of 30 years and who continues to play domestic Cricket were also handed over contracts.

Sinhalese Sports Club, which became the Champions of the 2016/2017 ‘Tier A’ Tournament was awarded a Passenger Van worth Rs. 6.8 million, while Chaturanga De Silva, who was adjudged as the Player of the League Tournament was awarded a car worth Rs. 2.3 million.

Apart from the SLC contracts, all these players are entitled to normal financial assistance given by their respective clubs. In the meantime, SLC also provided the contracted players with a Rs. 2.5 million worth personal accidental insurance cover and a Rs. 300,000 worth medical and hospitalization insurance cover.

ක්‍රිකට් ක්‍රීඩකයන් 104ක ට වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් ලබාදෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් එකසිය හතර දෙනෙකුට (104) ක්‍රීඩා කොන්ත්‍රාත්තු ගිවිසුම් පිරිනැමීමේ උත්සවය  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14 වැනිදා) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුකැරිණි.

මෙම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කරන ලද මුදල රුපියල් ලක්ෂ 850කි.  (රුපියල් මිලියන අසුපහයි).  ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ 2016 සහ 2017 ක්‍රිකට් වාරයට සහභාගි වූ අන්තර් සමාජ තරගාවලිය දී දස්කම් දැක්වු ක්‍රීඩකයන්ගෙනි. වයස 19 කාණ්ඩයේ පාසැල් ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ මෑතක දී සහභාගී වූ වයස 19 න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලානය තරග දස්කම් සැලකීමෙනි.

කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් තැබීමට ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ පහත අන්දමටය :

  1. ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් විස්සක්.
  2. නැගී එන (Emerging) ක්‍රීඩකයන් විසිතුනක්. (වයස 23 – 29 අතර)
  3. අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් විසිනවයක්.
  4. හිටපු ජාතික ක්‍රීඩකයන් (තවමත් ක්‍රීඩාකරන) පහළොවක්
  5. මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයන් 17ක් මීට ඇතුළත්ය.

මෙයට අමතරව මේ ක්‍රීඩකයනට රුපියල් ලක්ෂ විසිපහ බැගින් හදිසි අනතුරු රක්ෂණ ද, රුපියල් තුන් ලක්ෂය බැගින් වෛද්‍ය රක්ෂණ ද පිරිනැමේ.  ක්‍රීඩකයන් 104ක ට මේ පහසුකම් ලබාදෙන්නේ ඔවුනගේ ක්‍රීඩා සමාජ මගින් පිරිනමන දීමනාවන්ට අමතරවය.

ගිවිසුම් සහා ක්‍රීඩකයන් 104 තෝරාගෙන ඇත්තේ පහත සුදුසුකම් මතය :

  • දේශීය ක්‍රිකට් ‘ඒ’ කොටසේ තරගාවලියේ දී පිතිකරුවකු ලකුණු 750ක් රැස් කිරීම හෝ පන්දු යවන්නකු කඩුලු 45ක් ලබාගැනීම, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලකුණු 350ක් හා කඩුලු 35ක් ලබාගැනීම, කඩුලු රකින්නකු ලකුණු 400ක් රැස්කිරීම හා කඩුලු 20ක් දවාලීමට දායක වීම.
  • දේශීය ක්‍රිකට් ‘බී’ කොටසේ තරගාවලියේ දී පිතිකරුවකු ලකුණු 600ක් රැස් කිරීම හෝ පන්දු යවන්නෙකු කඩුලු 40ක් දවාලීම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලකුණු 350ක් ලබා ගැනීම හා කඩුලු 35ක් දවාලීම කඩුලු රකින්නකු ලකුනු 400ක් රැස් කිරීම හා කඩුලු 20ක් දවාලීමට දායක වීම.
  • නැගී එන (Emerging) ක්‍රීඩකයෙකු පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හෝ සංවර්ධන කණ්ඩාම නියෝජනය කර තිබීම. (වයස 23 – 29 අතර)
  • වසර තිහට වැඩි තවමත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන හිටපු ජාතික ක්‍රීඩකයන්.
  • 19න් පහළ ලෝක කුසලාන හෝ ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කර ඇති 19න් පහළ ක්‍රීඩකයන්.

4V3A0932 4V3A0958 4V3A1107 4V3A1145 4V3A1162