Sri Lanka Cricket is well towards achieving the twin goals of sporting and financial success

Media Release

 8th January, 2018

President of Sri Lanka Cricket Thilanga Sumathipala says Sri Lanka Cricket is in the right direction towards achieving the twin goals of sporting and financial success.

Addressing the employees of Sri Lanka Cricket, while commencing work for the year 2018 at the SLC, Mr. Thilanga Sumathipala said within two years of his election, he along with the SLC employees was able to turnaround Sri Lanka Cricket’s financial position from poor to strong.

 “When we took over two years ago, SLC was indebted for a sum of Rs. 5 billion and we were in a quandary as to how we are going to turn around SLC, now, after two years, I am happy to say we are making profits”.

Mr. Sumathipala said, when he entered the fray, ICC has only allocated US$ 80 million for the members during its paying cycle, but with the efforts he made to strengthen the relationship with other members yielded a collaborative effort to increase it to US$ 120 million, thus raising the SLCs revenue drastically.

He says Sri Lanka Cricket is now financially stable with a steady flow of revenues coming from different sources, while the organization has ensured that financial accountability is maintained at every level, with prudent mechanisms put in place for monitoring.

Formation of an Asset Management Firm

Mr. Sumathipala said plans are underway to establish an asset management firm as a subsidiary of the Sri Lanka Cricket to better manage cash flows of SLC’s major assets. He said, the money generated out of the SLC asset management operations will be utilized to finance the maintenance of SLC facilities across the country, which as of now incurs millions and is borne out by the revenues generated by the SLC.

Development of the Game

According to Mr. Thilanga Sumathipala, SLC has taken several steps to ensure the development of the game. Among those steps are, decentralizing of powers to the District and Provincial Associations to run the game in their respective regions.

“When we took over, SLC was controlling 132 clubs, now we have brought them down to 24 and decentralized the power to provincial and district associations, thus giving them the decision making powers,” SLC President said.

He also said, steps were taken to bring in the age level cricket starting from under 15, 17, 19, 21 and 23, from both district and provincial level cricket under the direct supervision of the SLC to ensure that grassroots level cricket development stays in line with SLCs vision.

SLC President also said, steps were taken to enhance the knowledge level of local coaches by sending selected coaches for overseas training programs.

Player Focus

Mr. Sumathipala said, Sri Lanka Cricket has taken all the required steps to ensure that players of the national team are looked after well. He said, the introduction of a strong insurance cover for the national players, which is on par with any other international cricketer, introducing a performance based bonus system for players and providing contracts for 70 first class cricketers, apart from the contracts given for the national players are among the steps taken to ensure the sustainability of the players.

SLC President Thilanga Sumathipala addressing the employees of SLC at the commencement of work for the new year

SLC President Thilanga Sumathipala addressing the employees of SLC at the commencement of work for the new year

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් සංවර්ධනය හා මූල්‍ය ප්‍රගතිය කරා පියනගනවාක්‍රිකට් සභාපති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් සංවර්ධනය හා මූල්‍ය ප්‍රගතිය යන ද්විත්ව ඉලක්කයන් කරා සාර්ථකව පියනගමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කලේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවක සේවිකාවන් නව වසරේ (2018) රාජකාරී කටයුතු ආරම්භ කළ අවස්ථාවට සහභාගී වෙමින් ඔවුන් ඇමතූ සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයට තමා තේරීපත්ව වසර දෙකක් ඇතුලත මෙහි සේවක මඩුල්ල හා එක්ව දුර්වලව තිබූ මූල්‍ය තත්ත්වය  ස්ථාවර තත්ත්වයකට ගෙන ආ බව පැවසීය.

“වසර දෙකකට පෙර මේ ආයතනය අප භාරගත්තේ රුපියල් බිලියන පහක ණය බරක් සහතිවයි.  ආයතනය ණය බරින් ගලවාගෙන ලාභ ලබන සේවා ස්ථානයක් බවට පත් කරන්නේ කෙසේද යන ගැටළුවලට අප එදා මුහුණදුන්නා.  නමුත්, මා අද සතුටින් ප්‍රකාශ කරනවා ක්‍රිකට් ආයතනය දැන් ලාභ ලබන ආයතනයක් බව.”

තමා රාජකාරී භාරගන්නා අවස්ථාවේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් ශ්‍රී ලංකාවට සාමාජික මුදල් වශයෙන් ගෙවීමට එකගව සිටියත් සෙසු සාමාජික රටවල සහයෝගයෙන් එම මුදල ඩොලර් මිලියන 120 දක්වා වැඩි කරගනිමින් ආයතනයේ ආදායම ඉහළ නැංවීමට සමත් වූ බවද ඒ මහතා කීවේය.

වත්කම් කළමණාකරණ අනුබද්ධ සමාගමක් පිහිටුවීම.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු සම්පත් හා මුදල් පරිපාලනය කිරීම සඳහා ආයතනයට සම්බන්ධ වත්කම් කළමණකාරන අනුබද්ධ සමාගමක් පිහිටුවීමට සැලැසුම් සකස් කර ඇතැයි ද එමගින් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවනු ඇතැයි ද පැවසීය.

ක්‍රීඩාව සංවර්ධනය කිරීම.

තිලංග සුමතිපාල මහතා තවදුරටත් සඳහන් කර සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පසුගිය වසර 2ක තුළ පියවර ගණනාවක්ම ගෙන ඇති බවය.

එම පියවර අතර අන්තර් පළාත් හා දිස්ත්‍රික්ක වලට තම තමන්ගේ ප්‍රදේශයන්හි ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ බලය බෙදා හැර ඔවුනට සියලු පහසුකම් සැපයිම වැනි දෑ සිදු කර ඇත.

“අප මේ ආයතනය භාරගන්නා විට ආයතනය මගින් ක්‍රිකට් සමාජ 132ක් පාලන කළා.  අප එය 24 දක්වා අඩු කර පළාත් හා දිස්ත්‍රික්කවලට බලය විමධ්‍යගත කර ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔවුනට තීරණ ගැනීමේ හා සංවර්ධන කටයතු ක්‍රියාත්මක කිරීමේ බලය පැවරුවා.  යැයි සුමතිපාල මහතා පැවසීය.”

තවද, බිම් මට්ටමින් වයස් සීමා අවුරුදු 15න්, 17න්, 19න්, 21න් හා 23න් පහළ කණ්ඩායම් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් කණ්ඩායම් පුහුණු හා සංවර්ධනය කිරීමට පියවර ගත්තා.  දේශීය පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට හා තෝරාගත් පුහුණුකරුවනට එතෙර පුහුණුව ලබාදීමට පියවරගත් බවද සුමතිපාල මහතා කීය.

ක්‍රීඩක කුශලතා හා සුබසාධන කටයුතු

පසුගිය වසර දෙක තුළ ජාතික මට්ටමේ ක්‍රිඩකයන් හොඳින් රැකබලා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද සුමතිපාල මහතා කීය.  ජාතික මට්ටමේ ක්‍රීඩකයනට ශක්තිමත් රක්ෂණාවරණයක් ද, දක්ෂතා මත ප්‍රසාද දීමනා ක්‍රමයක් ද, පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් 70කට කොන්ත්‍රාත් ලබා දිම ද, ක්‍රීඩකයනට සපයා ඇති පහසුකම් කිහිපයක් වන බවද තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.