Sri Lanka Cricket opens a ‘Cricket Museum’

Media Release

 20th February, 2019

Sri Lanka Cricket today opened a ‘Cricket Museum’ displaying its rich history to the world. The museum housed at the SLC Headquarters has in display some of the most significant cricketing ‘Moments’ and ‘Turning Points’ of Sri Lanka’s epic Cricketing journey.

It was declared opened by the Minister of Sports, Honorable Harin Fernando; while SLC’s Competent Authority Mr. Chulananda Perera, CEO, Mr. Ashley De Silva and Chief Operations Officer Mr. Jerome Jayaratne was present during the occasion.

Sri Lanka’s ODI and T20 Captain Mr. Lasith Malinga also took part in the opening ceremony. Among the invitees were Sponsors of Sri Lanka Cricket.

Sri Lanka Cricket Museum Opening Ceremony_00 (11)

The Museum has dedicated sections focusing on Sri Lanka’s Test Cricket; One Day and T20I Cricket and also it’s Pre-Test Era.

Sections are also dedicated to display some of the glorious moments of the nation’s cricketing history, such as the 1996 World Cup campaign; 2014 T20 World Cup Campaign and also the country’s stupendous record in ‘Asia Cup Tournaments’.

A ‘Hall of Fame’ which displays the names of Sri Lanka’s test players and past and present captains of all formats is also taking a center stage at this museum.

The museum will be opened for public viewing daily from 09.00 am to 05.00 p.m.; while the school children will be given free entrance, a move aimed at inspiring a new generation of kids to learn and follow the game of cricket.

Sri Lanka Cricket Museum Opening Ceremony_00 (9)

Sri Lanka Cricket Museum Opening Ceremony_00 (3)

Sri Lanka Cricket Museum Opening Ceremony_00 (17)

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයක් ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා විසින් අද උදෑසන (20) විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය තුල ඉදිකර ඇති මෙම කෞතුකාගාරය හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය මතක සටහන් රැසක් මහජනතාව හට ප්‍රථම වතාවට දැක ගැනීමට අවස්ථාව හිමිවේ. එමඟින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයත්, එක්දින තරග ඉතිහාසයත්, විස්සයි 20 තරග ඉතිහාසයත් අප කණ්ඩායම විසින් ලබා ගත් ජයග්‍රහණ සහ කුසලානත් ප්‍රදර්ශනය කරන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ඓතිහාසික හැරවුම් ලක්ෂයන් ද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබේ.

තවද කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන නරඹන්නන් හට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා වංශ කතාවේ අමරණීය ජයග්‍රහණයන් වන 1996 ලෝක කුසලානයත්, 2014 විස්සයි 20 ලෝක කුසලානය සහ ජයග්‍රාහී ආසියානු කුසලාන ද නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇත.

එමෙන්ම, මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 නායකයන්ගේ නම් සඳහන් සමරු ඵලකයක් සහ මේ දක්වා ටෙස්ට් වරම් හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් සඳහන් සමරු ඵලකයක් ද, විවිධ අවස්ථාවලදී ක්‍රිකට් කණ්ඩායම ලැබූ සුවිශේෂී සමරු සටහන් සහිත පන්දු සහ ක්‍රිකට් පිති ද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද  පෙරේරා,ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක් දින සහ විස්සයි 20 නායක ලසිත් මාලිංග ද, ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රාහකයින් සහ මාධ්‍යවේදීන් ද සහභාගී විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පිහිටා ඇති මෙම ක්‍රිකට් කෞතුකාගාරය මහජනයා වෙනුවෙන් සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘත කර තිබෙන අතර පාසල් ළමුන් සඳහා මෙය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය